2025 ෂක්‍ක්‍ කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින තවත් තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරඟය පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතයි.

2025 ෂක්‍ක්‍ කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ තරඟ හතරකට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිඩා කර තිබෙනවා.

ඉන් තරඟ දෙකක් අතහැර දැමුනේ පැවති වර්ෂාව හේතුවෙන්.

සෙසු තරඟ දෙක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජයට පත් වුණා.

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම එම තරඟාවලිය තමන් මුහුණදුන් තරඟ හතරෙන් තරඟ තුනක්ම ජයගෙන සිටිනවා.

මේ අතර 2025 ෂක්‍ක්‍ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශය සමග පැවති තරඟය කඩුලු 10කින් ජය ගැනීමට ඕස්ටේ්‍රලියාව සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට රැස්කර ගත හැකි වුයේ ලකුණු 198ක් පමණයි.

එය 25 වන පන්දු වාරයේදී කිසිවෙකු නොදැවී ලකුණු 202ක් රැස් කරමින් පසුකර යාමට ඕස්ටේ්‍රලියානු පිතිකාරිණියන් සමත් වුණා.