හැටන් නගරයට ප්‍රධාන වශයෙන් පානිය ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජල තටාංගණයේ ජලය සිදි ගොස් ඇති නිසා හැටන් දික්ඔය නගර සභා සිමාවට දිනකට එක් වරක් සිමා කර පානිය ජලය නිකුත් කිරිමට පියවර ගෙන ඇති තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය නිසා ප්‍රධාන වශයෙන් ජලය ලබා ගන්නා සිංගිමලේ රක්ෂිතයේ ජල මුලාශ සිදි යාම නිසා සිංගිමලේ තටාංගණයේ ජලය උපරිම අයුරින් සිදි යාම නිසා ජලය පොම්ප කල නොහැකි බවයි ජානක හේරත් මහතා වැඩි දුරටත් පැවසුවේ.

දැනට දික්ඔය ඔටරි ප්‍රදේශයෙන් පමණක් ජලය පොම්ප කර ජලය නිකුත් කිරිමට පියවර ගෙන ඇති අතර එසේ ලබා ගන්නා ජලය හැටන් දික්ඔය නගර සභා සිමාවටම බෙදා හැරිමට ප්‍රමාණවත් නොවන බවයි ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ.

පවත්නා තත්ත්වය පිලිබදව හැටන් දික්ඔය නගර සභා සිමාවේ ජල පාරිභෝගිකයන් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බවත් දිනකට වරක් නිකුත් කරන ජලය එක්රැස් කර ගනිමින් පවතින වියළි කාලගුණය අවසන් වන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ස්ථානාභාර නිලධාරි ජානක හේරත් මහතා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.