මේ වන විට දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාත්‍යන්තර පාසල් වසා තැබීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් අදාල පාලන අධිකාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා නිවේදනයක් යොමු කරමින් මේබව සඳහන් කර සිටියා.