දිනෙන් දින රට පුරා මිනිමරු සංස්කෘතිය ව්‍යාප්ත වන බවත් අදත් රටේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ මැතිවරණ කොට්ඨාසය වන හෝමගම මීගොඩ ප්‍රදේශයේ දී හිටපු පළාත් පලන මන්ත්‍රීවරයකු ඝාතනය කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේබව පවසා සිටියා මේ මිනිමරු සංස්කෘතිය නවත්වන්න රජයට නොහැකි වී ඇති බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න පුටුවක් සහ බංකුවක් ගේන්න කියු ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයාගේ බල ප්‍රදේශයේදී මේ ඝාතන සිදුවන බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේ. පාතාල කල්ලි මැර කල්ලි මිනිමරුවන් සංවිධානාත්මක අපරාධ කල්ලි උණ්ඩය බෝම්බය බයිනේත්තුව කඩුව හරහා ජන සමාජය ග්‍රහණයට ගෙන ඇති බවත් මේ ගැටලුවට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුවට විසදුම් නැද්ද කියා ප්‍රශ්න කරණ බවත් විපක්ෂ නායකවරයා පැවසුවේ මේ මිනිමැරුම් ජාතික ආරක්ෂක ගැටලුවක් නැති බවට ආණ්ඩව කිව්වත් රටේ ජනතාව මිය යනවා නං එය ජාතික ආරක්ෂක ගැටලුවක් බවත් ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ වගකීම වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජන ජීවිත සුරක්ෂිත කිරීම බවත් එය රට වෙනුවෙන් කරන යුතුකමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
Published