ජාතික ක්‍රීඩා සංගම් තුනක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එලෙස ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා ඇත්තේ මළල ක්‍රීඩා, මේස පන්දු සහ ජිම්නාස්ටික් යන සංගම්වලයි. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්තිවලින් පැවරී ඇති බලතල ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාළ සංගම්වල නිසි බලධරයා ලෙස පත් කර ඇත්තේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයායි. පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ගැනීම සහ නව නිලධාරීන් පත් කර ගැනීම සඳහා වූ නිලවරණ ක්‍රියාවලිය සම්පූර්ණ කරගැනීම සඳහා අදාළ සංගම්වල ලියාපදිංචිය එලෙස තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

2451-09_S by nethsound