Published
ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව නව යෝජනාවක් ඉදිරිපත් නොවනු ඇතැයි තමා විශ්වාස කරන බව ජ්‍යේෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.
ඔහු පැවසුවේ ජිනීවා සැසිවාරයේ ආරම්භක සමුළුවේදීම රටවල් රැසක ප්‍රධාන නියෝජිතයින් ශ්‍රී ලංකාවට පක්ෂපාතීව කටයුතු කිරීම හේතුවෙන් එලෙස යෝජනාව ඉදිරිපත් නොවනු ඇති බවයි.
ඉදිරි වසර 10 සඳහා පිළිගත හැකි නව වැඩපිළිවෙළක් වර්තමාන රජය සකස් කර තවදුරටත් ශ්‍රී ලංකාවට පක්ෂපාතී රටවල්වල සහයෝගය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවයි ජ්‍යේෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා වැඩිදුරටත් පැවසුවේ.




