Published
වයඹදිග මෙක්සිකෝවේ වෙළඳසැලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 23 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.
මියගිය පිරිස අතර කුඩා ළමයින් ද සිටින බවය විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම ගින්න හේතුවෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ද පවත්වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.



