මෙම මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම ආයතනය පවසනවා.

ඒ, මාසික ගෑස් මිල සංශෝධනය අනුව මෙම මාසයට අදාළව ලිට්‍රෝ ආයතනයේ ගෑස් මිලෙහි සංශෝධනය සම්බන්ධව දැනුම්දීමක් සිදු කරමින්.

ඒ අනුව කිලෝග්‍රෑම් 12යි දශම 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් වනවා.

කිලෝග්‍රෑම් 2යි දශම 3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙස නොවෙනස්ව පවතිනවා.