Published
වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලඥයින් අද දිනයේ විවිධ අදහස් පළ කළා. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන පර්යේෂණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ ආණ්ඩුව ව්‍යාජ සාක්ෂි සකසමින් සිටින බවයි.
කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පැවසුවේ තාජුඩීන් ඝාතන පරික්ෂණ ක්‍රියාත්මක වද්දි දේශපාලඥයින් පිරිසක් කලබල වී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව ගෙන යන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය බවයි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවේ රට ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනා සමග එක්ව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.