ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 75 වන උපන්දිනයට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට සුබ පතා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, සති ගණනාවක් තිස්සේ තීරුබදු සම්බන්ධයෙන් දෙරට අතර පැවති වෙළඳ යුද්ධය අතරතුරයි.

පසුගිය මාසයේ අමෙරිකාව විසින් ඉන්දියාවට සියයට 50ක තීරුබදු පැනවීමෙන් පසු දෙරටේ නායකයින් අතර සිදු වූ පළමු දුරකතන සංවාදය මෙය වනවා.

සියයට 50ක තීරුබදුවලින් අඩක් ඉන්දියාව විසින් රුසියානු තෙල් සහ ආයුධ මිලදී ගැනීම සඳහා පැනවූ දඩයක් බවයි ට්‍රම්ප් පවසා තිබුණේ.

කෙසේවෙතත් මෙම දුරකථන ඇමතුම දෙපාර්ශ්වයම ධනාත්මක ලෙස හඳුන්වා ඇති බවද විදෙස් මාධ්‍යන්හි සඳහන්.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල සංචාරයක් සඳහා බි්‍රතාන්‍යයට පැමිණ තිබෙනවා.