අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් තම තීරුබදු ප්‍රතිපත්තිය ආරක්ෂා කරමින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ආක්‍රමණශීලී බදු පැනවීම නිසා එක්සත් ජනපදය ලෝකයේ “ධනවත්ම” සහ “වඩාත්ම ගෞරවනීය” රට බවට පත් වූ බවයි ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.

බදුවලට විරුද්ධ වන්නේ මෝඩයින් බව සිය ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

තමන් පැනවූ බදු හේතුවෙන් ඩොලර් ටි්‍රලියන ගණනක ආදායමක් උපයමින් සිටින බවත් ඉදිරියේදී ආයෝජන ඉහළ යනු ඇති බවත් ඔහු එම සටහනේ දක්වා තිබෙනවා.

එමෙන්ම ඉහළ ආදායම් ලබන පුද්ගලයින් හැර සෙසු අමෙරිකානුවන් සඳහා අවම වශයෙන් ඩොලර් 2,000ක ලාභාංශයක් ගෙවීමට බලාපොරොත්තු වන බවද අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.