ඇමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස්හි ඇති වූ හදිසි ගංවතුරෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 82ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම පුද්ගලයින් 41 දෙනෙකු තවදුරටත් අතුරුදන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබුනේ ‘කර්’ ප්‍රාන්තයෙන්.

එම ප්‍රාන්තයේ ළමුන් 28 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 68 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ප්‍රාන්තය පුරා ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව අතුරුදන් වුවන් සොයා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමග පුද්ගලයින් 500කට වැඩි පිරිසක් ද යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර එරට කාලගුණ බලධාරීන් පවසන්නේ ඉදිරි පැය 48 තුළ තවත් කුණාටු ඇති විය හැකි බැවින් කැම්ප් මිස්ටික් පිහිටා ඇති කර් ප්‍රාන්තයේ ජල මාර්ග නැවත පිටාර ගැලීමක් සිදුවිය හැකි බවයි.

මධ්‍යම ටෙක්සාස් හි වඩාත් විනාශයට පත් ප්‍රදේශ කිහිපයකට අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි වර්ෂාවක් ඇද හැලෙමින් පවතින බවත් මේ හේතුවෙන් ජල මාර්ග නැවත වරක් පීටර මට්ටමට ළඟා වීමට පටන් ගෙන ඇති බවයි ජාතික කාලගුණ සේවය පවසන්නේ

ඉහළ ග්වාඩලූප් ද්‍රෝණියට බලපෑ වර්ෂාව හේතුවෙන් කර් ප්‍රාන්තයේ ජොන්සන් ක්‍රීක් හි ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

හදිසි ගංවතුර හේතුවෙන් කඳුකර රට සහ කොන්චෝ නිම්න ප්‍රදේශ සඳහා ද ආපදා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බවයි විදෙස් මද්ධ්ය වාර්තා කරන්නේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා කර් ප්‍රාන්තය සඳහා ප්‍රධාන ආපදා ප්‍රකාශයකට අත්සන් තැබූ අතර, ටෙක්සාස් සඳහා ෆෙඩරල් හදිසි කළමනාකරණ ඒජන්සිය සක්‍රීය කළේය. ඔහු සිකුරාදා ප්‍රාන්තයට පැමිණෙනු ඇතැයි ද පැවසීය.