අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ගංවතුර ඇති වී දින කිහිපයක් ගතව ඇති බැවින් අතුරුදන්ව සිටින පුද්ගලයින් පිළිබඳව ඇති බලාපොරොත්තු මැකී යමින් ඇති බවයි ටෙක්සාස් ප්‍රාන්ත බලධාරින් පවසා ඇත්තේ.

කෙසේවෙතත් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවද ප්‍රාන්ත බලධාරින් පවසා තිබෙනවා.

ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.