ගුවනින් සිදු කෙරෙන ආපදා සහන මෙහෙයුම්වලට බාධා විය හැකි බැවින් ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට හා ගොඩබෑමට පෙර දැනුම්දීමක් කරන ලෙස ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශවල මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී නියාමනය නොකළ ඩ්‍රෝන යානා හේතුවෙන් ගුවන් මෙහෙයුම්වලට සැලකිය යුතු අවදානමක් ඇති කරන බවයි ගුවන් හමුදාව පවසන්නේ.

ඒ අනුව ඩ්‍රෝන මෙහෙයුම් සිදු කිරීමට පෙර අවසර ලත් හෝ අනවසර සියලුම ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීම් සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳ තමන් වෙත දැනුම්දෙන ලෙසයි ගුවන් හමුදාව ජනතාවට දැනුම් දී සිටින්නේ.

ඒ අනුව 115 යන කෙටි අංකයට හෝ 0112 34 39 70 සහ 0112 34 39 71 යන අංකවලට ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දිය හැකියි. එම අංක නැවතත්.