Published
මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
මෙම පෙත්සම් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව මූලික අයිතිවාසිකම් කඩ වූ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ හැක්කේ එම අයිතිවාසිකම් කඩවී දින 30ක් ඇතුළත බව සඳහන් කළා.
මෙම පෙත්සම් තුළින් අභියෝගයට ලක් කර තිබෙන්නේ ඉකුත් ජුනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීන්දුවක් බව සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරයා එහෙත් එම පෙත්සම ගොනු කර තිබෙන්නේ ජූලි මස 27 වනදා බවත් පෙන්වා දුන්නා
ඒ අනුව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන්නේ එම නීතිමය කාලසීමාව ඉක්මවා යාමෙන් පසුව බවත් ඒ අනුව ඒවා කාලාවරෝධී තත්ත්වයකට හසුවී තිබෙන බවත් සොලිස්ටර් ජෙනරාල් වරයා සඳහන් කළා.
එම තත්ත්වය යටතේ මෙම පෙත්සම් සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් නොමැති බවත් ඒ අනුව ඒවා විභාගයට නොගෙනම ඉවත දමන ලෙසත් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන් අනතුරුව අදාල ගිවිසුම අභියෝගයට ලක් කරමින් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ සමාජ ක්‍රියාකාරිනියක වන අමානි රිෂාඩ් හමීඩ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉන්දියාවට පැවරීමට අදාළව අත්සන් කළ අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙම වසරේ ජනවාරි මස 27 වනදා සහ ජුනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණ ගෙන තිබෙන බව සඳහන් කළා.
සාමාන්‍යයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ පිළිබඳව ඉන් පසුව එළඹෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී ජනමාධ්‍යවලට ප්‍රකාශ කිරීම සිදුවූවත් මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු පිළිබඳව කිසිදු කරුණක් රජය විසින් ජනමාධ්‍යවලට ප්‍රකාශ නොකළ බව නීතිඥවරයා චෝදනා කළා.
මේ පිළිබඳව මුලින්ම මෙරට ජනතාවට තොරතුරු දැනගන්නට ලැබෙන්නේ ඉකුත් ජුනි මස 25 වන දා ඉන්දියානු රාජ්‍ය ආයතනයක් විසින් වෙබ් අඩවියක පළ කළ නිවේදනයක් තුළින් බවත් නීතිඥවරයා පැවසුවා.
මේ තුළින් ශ්‍රී ලංකා රජය මෙම ක්‍රියාවලිය පිළිබඳ ජනතාවට තොරතුරු වසන් කිරීමට කටයුතු කර ඇතැයි චෝදනා කළ නීතිඥවරයා මෙම ගිවිසුම් හේතුවෙන් සිදුවන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම අඛණ්ඩව නොනවත්වා සිදුවෙමින් පවතින නිසා මෙම නඩුකරයට නීතිපතිවරයා විසින් සඳහන් කළ කාලාවරෝධය අදාළ නොවන බව පැවසුවා.
ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගොනු කෙරුණු නඩු කරයේදී කලාවරෝධය අදාල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති බවත් මෙම නඩුකරය ද මහජන සුභසාධන නඩුකරයක් බැවින් නීතිපතිවරයා විසින් සඳහන් කරන කාලාවරෝධය මෙම අවස්ථාවේදී අදාළ නොවන බවත් නීතිඥවරයා තර්ක කලා.
යෝජිත ගිවිසුම හරහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ සමාගම තෝරාගැනීමේ බලය ඉන්දියාව වෙතම පවරා දී ඇති බවත් ඒ තුළින් මෙරට ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය විමක් සිදුවන බවත් නීතිඥවරයා චෝදනා කළා.
ඉන් අනතුරුව තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙය මහජන සුභසාධන නඩකරයක් බැවින් ඊට කාලාවරෝධය අදාළ නොවන බව පැවසුවා.
මෙම ක්‍රියාවලිය හරහා ශ්‍රී ලාංකිකයින්ගේ අතිශය පෞද්ගලික ජීව දත්ත ඉන්දියාව අතට පත්වීමේ අතිශය බරපතළ අනතුරක් පවතින බවත් එම කරුණ කාලාවරෝධයට වඩා බරපතල බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.
මෙම කරුණේ බරපතළ භාවය සැලකිල්ලට ගෙන ශ්‍රී ලාංකිකයින්ගේ පෞද්ගලික දත්ත ඉන්දියාව වෙත හුවමාරු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස තම පෙත්සම තුළින් ඉල්ලා තිබෙන බවත් නීතිඥවරයා අදිකරණය හමුවේ පෙන්වා දුන්නා.
ඉන් අනතුරුව සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ක්‍රියාවලියේදී රජය ජනතාවට තොරතුරු වසන් කර තිබෙන බවට පෙත්සම්කාර පාර්ශවය එල්ල කර තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව පැවසුවා.
මෙම ක්‍රියාවලියට අදාළ තොරතුරු වසන් කිරීමට රජයට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් යම් පාර්ශ්වයකට මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් තොරතුරු පනත හරහා එය ඉටුකරගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.
මෙම ඩිජිටල් හැඳුනුම්පත් ක්‍රියාවලිය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් විධිමත් තීන්දුවක් ගෙන තිබෙන බවත් ඒ අනුව අදාළ ක්‍රියාවලිය නීත්‍යානුකූල ආකාරයට ක්‍රියාත්මක වන බවත් සොලිසිටර් ජෙනරාල් වරයා අවධාරණය කළා.
සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා විසින් මතු කළ මූලික විරෝධතාව පිළිගෙන අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බව නියෝග කළා


