Published
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග යළි ව්‍යාප්ත වීමේ අවදානමක් මතු වෙමින් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ පැවති වියළි කාලගුණ තත්ත්වය අවසන් කරමින් කඩින් කඩ වැසි ඇදහැලීම ආරම්භ වී ඇති බැවින් එම රෝග ව්‍යාප්ත කරන මදුරුවන් බෝවීම ඉහළ යා හැකි බවයි.
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් මී උණ රෝගය ද ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.