ඩෙංගු, කලින් කලට කරලියට එන මාතෘකාවක් වුවද ඩෙංගු නිසා රටට මිනිස් ජීවිත අහිමි වීම තවමත් නිමාවී නැහැ.
වර්ෂාව ඇද හැලීමත් සමග ඩෙංගු මර්දනය පිළිබඳ කතාබහක් මතු වන්නේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයත් සමඟයි.
එසේ සිදුවන්නේ අප සිටින අවට පරිසරයේ පිරිසිදු භාවය පිළිබඳ අප දක්වන නොසැලකිල්ලෙන් නොවේද?
මන්ද යත්, ඩෙංගු මදුරුවාට බෝ වීමට පහසුකම් සලසා දෙන්නේ අප විසින් වීමයි.
ඩෙංගු මදුරුවන් වැඩියෙන්ම බෝ වන තැන් ගැන ඔබ දැන සිටියාද?
මේ වන විට වැඩිම ඩෙංගු අවදානම් ස්ථාන ලෙස හඳුනාගෙන ඇත්තේ පාසැල්, රජයේ ආයතන, කර්මාන්ත ශාලා, වැඩබිම්, ආගමික ස්ථානයි.
ඒ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය. මේ වන විට රටේ ඇති ඩෙංගු අවදානම පිළිබඳව ද ඇය මෙලෙස පැහැදිලි කළා.
මෙම කරුණු අනාවරණ වූයේ ජුනි මස 30 සිට ඡූලි මස 05 දින දක්වා ක්‍රියාත්මක කළ විශේෂ මදුරු මර්දන සතියේ සිදුකල මෙහෙයුම්වලින්.
එහිදී පරීක්ෂාවට භාජනය කර ඇති සමස්ත පරිශ්‍ර සංඛ්‍යාව එක් ලක්ෂ 44,250ක්.
ඒ අතරින් මදුරුවන් බෝ විය හැකි යැයි හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව 35,495ක් වනවා.
මදුරු කීටයන් සහිතව හඳුනාගත් පරිශ්‍ර සංඛ්‍යාව 4,275ක් වන අතර ඒ අතරින් පරිශ්‍ර 3,812කට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති පරිශ්‍ර සංඛ්‍යාව 982ක්.
දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 111ක් ආවරණ වන පරිදි කණ්ඩායම් 1,100කගේ සහභාගීත්වයෙන් මෙම විශේෂ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කළා.