Published
මිනුවන්ගොඩ නගරයේ බැංකුවක් තුළදී ව්‍යාජ ඩොලර් නෝට්ටු 06ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුක් මත සිදු කළ වැටලීමකදීයි.
එහිදී ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 06ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරු වයස අවුරුදු 45ක් වන රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.