තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයාගෙන ඇති බවටයි මේ වන විට වාර්තා වන්නේ.

ඒ, තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදීයි.

කෙසේවෙතත් මෙම යතුරුපැදිය ඝාතනය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියම දැයි මෙතෙක් තහවුරු වී නොමැති බව පොලිසිය අද අලුයම නෙත් නිවුස් වෙත පැවසුවා.

තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දියේදී ඊයේ පස්වරු 06.55ට පමණ මෙම වෙඩි තැබීම සිදු වුණා.

සිද්ධියෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එලෙස ජීවිතක්ෂයට පත් වූයේ 68 සහ 59 වියේ පසු වූ අඹුසැමි යුවළක්.