මොණරාගල මැදිරිය ප්රදේශයේ දී තම ලෙයින් උපන් දියණිය දූෂණය කර වසර විස්සක් සැගව සිටි පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර පියාට එරෙහිව මොණරාගල මහ අධිකරණයේ නඩුව විභාග වී ඇති අතර පසුව සැකකරුට එරෙහිව දඩුවම් නියම කිරීමට මොණරාගල මහ අධිකරණය කටයුතු කර ඇත.
සැකකරු සියලු චෝදනා වලට වරදකරු කරමින් මහ අධිකරණය මගින් දඩුවම් නියම කර ඇති අතර එහිදී සැකකාර පියාට එරෙහිව බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඩුවමක්,රුපියල් පනස් දහසක දඩයක්,එම දඩය නොගෙවන්නේනම් තවත් බරපතල වැඩ සහිත වසර විස්සක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
මෙම සැකකරු වසර ගණනාවක් සැඟව සිටීම නිසා පොලිසිය සැකකරු සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
එහි ප්රතිඵලයක් ලෙස මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු මතුරට ප්රදේශයේ සැඟව සිටියේ දී පොලිස් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
සැකකරු වයස අවුරුදු පනස් හයක්වන පුද්ගලායකු වන අතර සැකකරු මොණරාගල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.





