දකුණු කොරියාවේ රැකියාවන් සදහා මෙම වසරේ මේ දක්වා කාලය තුළ මෙරට තරුණ තරුණියන් 3,469 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

ඒ අනුව ධීවර අංශයේ රැකියාවන් සදහා 836 දෙනෙකු, නිෂ්පාදන අංශයේ රැකියාවන් සදහා 2,512 දෙනෙකු, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියාවන් සදහා 28 දෙනෙකු, සේවා අංශයේ රැකියාවන් සදහා 32 දෙනෙකු සහ කෘෂිකර්ම අංශයේ රැකියාවන් සදහා දෙදෙනෙකු එලෙස පිටත්ව ගොස් තිබෙනවා.

දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ තවත් 77 දෙනෙකු පසුගිය 11 වනදා එරට බලා පිටත්ව ගිය බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළා.

එම කණ්ඩායමට තරුණියන් දෙදෙනෙකුද අයත් වීම විශේෂත්වයක්.