තැපැල් වර්ජනයට තාමත් නිසි විසදුමක් නැහැ. ඒ අනුව වර්ජනය අදත් විසදෙන පාටක් පෙනෙන්නට නැහැ. වර්ජකයින් දිගින් දිගටම පවසන්නේ වර්ජනය අත්හරින්නේ බලධාරින් සමග පැවැත්වෙන සාකච්ඡාවකින් පසුව පමණක් බවයි. එහෙත් බලධාරින් ඊට දක්වන්නේ ප්‍රතිවිරුද්ධ අදහසක්. වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ වර්ජනය නතර කර සාකච්ඡාවට පැමිණෙන ලෙසයි. එහෙත් ඊට තැපැල් සේවකයන් එකඟතාව පල කරන්නේ නැහැ. මේ අතර තැපැල් සේවක වර්ජනය සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ අදහස් පල කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් තැපැල් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා පවසන්නේ අමාත්‍යවරයාගේ එම තීරණය පවා කිසිදු පාර්ශ්වයක් මේ දක්වා ලිඛිතව දැනුම්දී නොමැති බවයි. තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි.