Published
තායිලන්තයෙන් මෙරටට ත්‍යාග ලෙස ලබා දුන් ඇතුන් දෙදෙනෙකු පීඩාවට ලක් වන බවට කිසිදු පාර්ශවයක් මෙතෙක් පරිසර අමාත්‍යංශය දැනුවත් කර නොමැති බව විෂය භාර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.
එලෙස ගැටලුවක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් තායිලන්තය ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය හරහා පරිසර අමාත්‍යංශය දැනුවත් කළ යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ.
නිල වශයෙන් ඒ පිළිබඳ සිය අමාත්‍යංශය දැනුවත් කළහොත් ඒ සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබා දිය හැකි බවද පරිසර අමාත්‍යවරයා පැවසුවා.




