ලෝක තැපැල් දිනය යෙදී ඇති අද දිනයේ තැපැල් සේවකයින් කළු පටි පැලඳ විරෝධතාවක නිරත වනවා.

ඒ, තැපැල්පතිවරයා විසින් තැපැල් සේවකයන්ගේ අතිකාල සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට එරෙහිවයි.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එස්.ඒ.ආර්. නිහාල් මහතා.

තැපැල්පතිවරයාගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු එස්.ඒ.ආර්. නිහාල් මහතා වැඩිදුරටත් සඳහන් කළා.