Published
තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. වර්ජනයේ නිරත වෘත්තීය සමිතිවල නියෝජිතයින් පිරිසක් අද ජනාධිපති කාර්යාලය වෙත සංදේශයක් භාරදීමට ද නියමිතයි.
තැපැල් වෘත්තීය සමිති කිහිපයක් පසුගිය ඉරිදා සවස් කාලයේ සිට ක්‍රියාත්මක මේ වැඩ වර්ජනයට හේතු වූ කරුණු සහ ඉල්ලීම් මොනවාද? මේ, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජි ජී සී නිරෝෂණ මහතා. කෙසේවෙතත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසන්නේ වර්ජකයින් ඉල්ලා ඇති ඉල්ලීම්වලින් බොහෝ ඒවා මේ වන විටත් ඉටුකර හෝ ඉටුකරමින් ඇති බවයි. තැපැල්පතිවරයාගේ එම ප්‍රකාශයට වෘත්තීය සමිති දක්වන ප්‍රතිචාරයයි මේ. තැපැල්පතිවරයා චෝදනා කරන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවය කරන ඇතැම් සේවකයින් සේවයට වාර්තා කිරීමේදී හා පිටවීමේදී ඇඟිලි සලකුණු තැබීම ප්‍රතික්ෂේප කරන බවයි. වෘත්තීය සමිති එම චෝදනාව සම්බන්ධයෙන් දක්වන අදහස කුමක්ද? මේ, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජි ජී සී නිරෝෂණ මහතා. සේවක අයිතිවාසිකම් සුරක්ෂිත විය යුතු මෙන්ම මහජන සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සියලු පාර්ශ්වවල වගකීමක් වනවා. ඊට ප්‍රමුඛතාව ලබා දෙමින් සියලු වෘත්තීය ක්‍රියාමාර්ග සහ බලධාරින්ගේ තීන්දු තීරණ ක්‍රියාත්මක විය යුතු බව අපගේ අදහසයි.