Published
ව්‍යාපාරිකාවක වන තිළිණි ප්‍රියමාලි හෝමාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණය විසින් ඉකුත් දා නියෝග කර තිබුණා.
ඒ අනුව තිළිණි ප්‍රියමාලි අද පෙරවරුවේ හෝමාගම පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2010 වසරේදී මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබා දී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර ඇයට චෝදනා එල්ල වී තිබුණා.
කෙසේවෙතත් ඊට අදාළ නඩුවෙන් ඇය නිදොස් කොට නිදහස් කෙරුණේ කොළඹ මහාධිකරණය ලබා දුන් නියෝගයක් මතයි.