මුදල් විශුද්ධිකරණ පනත යටතේ තුස්තුන් කෝටියක මුදලක් තම ගිණුමට බැර කරවා ගැනීමේ සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ලොකු පැටී ලබන 19 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද නියෝග කළා.

නීති විරෝධී වත්කම් ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළේ.

නඩුව ලබන 19 දින නැවත කැඳවීමට නියමිතයි.