පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා.

ඒ, සත්කාර පාකිස්ථාන කණ්ඩායමට එරෙහිවයි.

ශ්‍රී ලංකා වේලාවෙන් සවස 06.30ට පාකිස්ථානයේ රාවල්පිණ්ඩි හීදී තරඟය ආරම්භ වනවා.

මෙම තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ පාකිස්ථානය සහභාගී වූ පළමු තරඟයෙන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු පහකින් පරාජය කළා.

එහෙත් ශ්‍රී ලංකාව සමග පැවති තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 67ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු තරඟයෙන් පරාජයට පත්වීම හේතුවෙන් තරඟාවලියේ ඉදිරිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරඟය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත්.