Published
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කළා.
තුසිත හල්ලුව මහතා අද දින සිය නීතිඥවරයා මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්රාත් ලහිරු සිල්වා මහතා හමුවේ පෙනී සිටියා.
ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා සැත්කමකට භාජනය වී සිටි නිසා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී නොසිටි බව පැවසුවා
.
කෙසේ වෙතත් සැකකරු අද දින අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඒ අනුව වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියා.
ඒ අනුව අදාල වරෙන්තු ආපසු කැඳවීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්රාත් වරයා නඩුව යළි ජනවාරි 22 වනදා කැඳවීමට නියම කළා.




