Published
තේ වගාකරුවන්ට පොහොර ලබාදීම සඳහා නව ක්‍රමවේදයක් සති දෙකක් ඇතුළත හඳුන්වාදීමට අපේක්ෂා කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
නව ක්‍රමවේදයක් යටතේ ප්‍රමාදයකින් තොරව පොහොර ලබාදීමට රජයේ අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.
මේ යටතේ ගොවීන්ට තමන් කැමති ඕනෑම ස්ථානයකින් පොහොර ලබාගත හැකි වනවා.




