දක්‍ෂිණ අධිවේගී මාර්ගයට පිවිසෙන කුරුඳුගහ හැතැක්ම පිවිසුමට ගමන් කරනු ලබන අම්බලන්ගොඩ මාර්ගයේ අද රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා. ඒ, කරන්දෙණිය මහාගොඩ පුරාණ අම්පිටිය දේවාලයේ පෙරහැර වීදි සංචාරය කිරීම හේතුවෙන්. ඒ අනුව එම පෙරහැර අම්පිටිය දේවාලය අසලින් ආරම්භ වී අම්බලන්ගොඩ ඇල්පිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර මහඒදණ්ඩ හන්දිය දක්වා පෙරහැර ගමන් කරන බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව අද පස්වරු 02 සිට රාත්‍රී 09 දක්වා අම්බලන්ගොඩ, ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ එම ස්ථානවලින් රථවාහන ගමනාගමනය සීමා කරන බවයි පොලීසිය පැවසුවේ. එම කාලසීමාව තුළදී ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.