දකුණු පළාත් සභාවට අයත් රජයේ ආයතනවල පුරප්පාඩු පවතින ඉහළ තනතුරු සඳහා සුදුසුකම් සහිත නිලධාරීන් පත්කිරීමට අවධානය යොමු වී තිබෙනවා.

එම පළාතේ ඇතැම් ඉහළ තනතුරුවල වැඩ බැලීමට නිලධාරීන් පත් කර ඇත්තේ මීට වසර කිහිපයකට පෙර බවයි වාර්තා වුණේ.

අදාළ තනතුරුවලට සුදුසුකම් සහිත නිලධාරින් සිටියදී වැඩබැලීම සඳහා වෙනත් නිලධාරීන් පත් කර ඇති බවටද වාර්තා වනවා.

කෙසේවෙතත් ඉදිරි මාසයක පමණ කාලයක් ඇතුළත අදාළ තනතුරු සඳහා සුදුසුකම් සහිත නිලධාරීන් පත් කිරීමට නියමිතයි.

ඒ, දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්.

ඒ අනුව අදාළ තනතුරුවලට සුදුසුකම් සහිත නිලධාරින් පමණක් පත් කිරීමටයි එම කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇත්තේ.