සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර තීරණාත්මක දෙවන එක්දින ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා.

රාවල්පිණ්ඩිහිදී මෙම තරඟය ආරම්භ වුණේ දැඩි ආරක්‍ෂක රැකවල් මැදයි.

කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීම ඇරඹූ ශ්‍රී ලංකාව පන්දුවාර 46ක් අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 254ක් රැස් කරගෙන සිටිනවා.

ජනිත් ලියනගේ ලකුණු 54ක් රැස් කළා.

කමිඳු මෙන්ඩිස් ලකුණු 44යි. සධීර සමරවික්‍රම ලකුණු 42ක් රැස් කළා.

හරිස් රවුෆ් සහ අබ්රාර් අහමඩ් කඩුලු 03 බැගින් බිඳ හෙළුවා.