Published
මේ මොහොතේ අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වළකින්නැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ, ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේ තවමත් අනතුරුදායක තත්ත්වය පහව ගොස් නොමැති බවයි.
ඊයේ දිනය තුළ මීගහකිවුල, දෙමෝදර යන ප්‍රදේශවල නායයෑම් සිදුවීම් වාර්තා වන බැවින් ඒ පිළිබඳව ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතු බවයි ඔහු පැවසුවේ.
පසුගිය නොවැම්බර් මස 20 වන දින සිට අද දක්වා වූ කාලය තුළ අනතුරුදායක ස්ථාන පරීක්ෂා කිරීමට ඉල්ලීම් 2,716ක් ලැබී ඇති අතර, එයින් 589ක් මේ වනවිට පරික්ෂා කර අවසන් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවා.




