රට තුළ ආපදා තත්ත්වයක් ඇති වුවද සහල් හිඟයක් ඇති වීමේ අවදානමක් නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.
යම් හෙයකින් සහල් හිඟයක් ඇති වුවහොත්, සහල් ආනයනය කිරීමටද සූදානමින් සිටින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ආපදා තතත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රජය දැනුවත් කළද ඒ පිළිබඳ ක්‍රියා නොකිරීම හේතුවෙන් සිදු වූ බරපතල හානියක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.
ආපදාවට පත් ජනතාවට සහන ලබාදීමේදී සිදුවන දේශපාලන මැදිහත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස අදහස් පළ කළා.
පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ව්‍යවසාකයන්ට සිදු වූ හානිය ද තක්සේරු කර ඔවුන්ට ද සහන ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේ රජය විසින් ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් සිදුකරන සහන ලබාදීමේ වැඩසටහන ක්‍රමවත්ව සිදු නොවන බවයි.


