දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රටේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු බලපෑමක් එල්ල විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඔහු කියාසිටියේ මතුවිය හැකි ගැටළු පිළිබද නිවැරදි සමාලෝචනයක් සිදුකර ඊට අදාළ පියවර කඩිනමින් ගත යුතු බවයි.

මෙරට ආර්ථික වර්ධනයට මේ වසරේ වැඩි දායකත්වයක් ලබාදෙමින් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය ඉදිරි වසරේදී ඍණ වර්ධනයක් පෙන්විය හැකි බවටයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා අනාවැකි පළ කළේ.

මේ අතර දිට්වා‘ සුළි කුණාටුව‘ හේතුවෙන් ආපදාවට ලක්ව ඇති දැනට ලියාපදිංචි අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව 29,649ක් බව කර්මාන්ත හා ව්‍යවසායකත්වය සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.