Published
දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
ඒ අනුව එම මෙහෙයුම්වලදී ඊයේ දිනය තුළ පමණක් පුද්ගලයින් 26,985 දෙනෙකු පරික්‍ෂා කළ බවයි පොලීසිය පැවසුවේ.
එහිදී සැකකරුවන් 639 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම තවත් පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින් ලෙසයි.
වරෙන්තුකරුවන් 384 දෙනෙකුද ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
බීමත් රියදුරන් 43 දෙනෙකු සහ අපරික්‍ෂාකාරී ලෙස රිය පැදවූ රියදුරන් 33 දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙනත් රථවාහන වැරදිවලට අදාළව රියදුරන් 3,709 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.




