ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි නඟා සිටුවීමේ අරමුණින් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භ කළ “දිරිය නෙත් - නැණ සවිය” අධ්‍යාපනික වැඩසටහනට ලද පරිත්‍යාග අදාල පාර්ශ්ව වෙත ලබාදීමේ මූලික කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව පොත්පත් ඇතුලු පාසල් උපකරණ මෙන්ම ලද සියලු පරිත්‍යාග වර්ගීකරණය කිරීමෙන් අනතුරුව ඒවා ලැබිය යුතු පිරිස් වෙතම ලබාදීමටයි නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කර ඇත්තේ.

මේ, ඉදිරි වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ දිරිය නෙත් ව්‍යාපෘති සභාපති සුනිල් ශාන්ත මහතා.

මේ අතර තවමත් විදුලිය නොමැති ප්‍රදේශ හෝ අවතැන් කඳවුරු වේ නම් එම ජනතාවට තාවකාලිකව විදුලිය ලබාදීමේ නෙත් එෆ් එම් සමාජ සත්කාරය වෙතද මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා.

මෙම සමාජ සත්කාරය දියත් කරන්නේ “ඒ ප්ලස් ටෙක්නොලජි” ආයතනය සමගයි.

තවමත් විදුලිය නොමැති ප්‍රදේශ හෝ අවතැන් කඳවුරු වේ නම් හෝ මෙම වැඩසටහන සමග එක්වීමට කැමති පාර්ශ්ව වේනම් 077 3 951 401 අංකයෙන් මොහොමඩ් රම්සිට ඊට අදාල තොරතුරු ලබාදිය හැකියි.