Published
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත්වූ පාසල් සිසු දරු දැරියන් වෙනුවෙන් සහන සලසන දිරිය නෙත් නැණ සවිය සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකදී අද ක්‍රියාත්මක වනවා.
ඒ යටතේ තල්දෙන, කන්දකැටිය, මීගහකිවුල සහ මහියංගණය යන ප්‍රදේශවල ආපදාවලින් පීඩාවට පත්වූ දරු දැරියන් වෙනුවෙන් පොත් පත් සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට නියමිතයි.
දිරිය නෙත් ව්‍යාපෘතියේ බණ්ඩාරවෙළ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගත් තරුණ සංවිධානය සමග එක්ව එම පරිත්‍යාගයන් බදුල්ල ප්‍රදේශයේ සිසුන් වෙත බෙදා දීම සිදු කෙරෙනවා.
ඒ පිළිබඳ තොරතුරු නෙත් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාරගෙන්.




