‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සඳහා තවදුරටත් විවිධ පාර්ශ්ව සිය දායකත්වය දක්වමින් සිටිනවා.

එලෙස “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සමග අත්වැල් බැඳගත් තවත් ආයතනයක් වන්නේ නෙස්ට්ලේ ලංකා සමාගමයි.

මේ, එම සමාගමේ කාණ්ඩ අලෙවි කරන ප්‍රධානී නුවන් රත්නායක මහතා.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන යටතේ ආධාර ලබාදීමේ තවත් අදියරක් ඊයේ ක්‍රියාත්මක වුණා.

ඒ නුවරඑළිය, කෑගල්ල සහ ගම්පහ දිස්ත්‍රික්කවලදීයි. එහිදී නෙත් ශ්‍රාවක ඔබ ලබාදුන් ඒ වටිනා ආධාර විපතට පත්වූවන්ට ලබාදීමටයි කටයුතු කළේ.

“දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සඳහා තවදුරටත් ඔබට දායකත්වය ලබාදිය හැකියි.

ඒ අනුව කොල්ලුපිටිය සහ බම්බලපිටිය නෙත් එෆ් එම් ප්‍රධාන කාර්යාල, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයට ඔබගේ පරිත්‍යාග ලබාදිය හැකි වනවා.
මේ අතර “දිරිය නෙත්” ක්‍රියාන්විතය සමග “තමාට පෙර රට” තේමාව යටතේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය ද අත්වැල් බැඳගෙන සිටිනවා. ඒ සඳහා ලංකා රෝහල් සමූහය ද සිය දායකත්වය ලබාදෙනවා.

මේ, ලංකා රෝහල් සමූහයේ, සමූහ කළමාණාකාර අධ්‍යක්ෂක චාමින්ද කුමාරසිරි මහතා.

මේ අතර ආපදා හේතුවෙන් මියගිය ජනතාව සහ මුදාගැනීමේ මෙහෙයුම්වලදී ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම සහ රටට සෙත් පතා විශේෂ සර්ව ආගමික වැඩසටහනක් ඊයේ පස්වරුවේ පැවැත්වීමට නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු කළා.