‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සලසන ක්‍රියාත්මක “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

ඒ අනුව පරිත්‍යාගශීලීන් ලබාදෙන සහනාධාර දිවයිනේ දුෂ්කර ප්‍රදේශවල පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් බෙදාහැරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.

පීඩාවට පත්ව සිටින හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව වෙත දිරිය නෙත් සහන මෙහෙයුම යටතේ ආපදා සහන සැලසීම ඊයේ දිනයේදී ක්‍රියාත්මක කෙරුණා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් වයි.එම්.ඒ. මිහිරාන් බණ්ඩාර මහතා.

මේ අතර මීවිටිගම්මන ශ්‍රී නාලිකේරාරාම ධර්මායතනය සහ එහි දායක දායිකාවන් එක්රැස් කරන ලද සහනාධාර තොගයක් අද “දිරිය නෙත්” සමාජ සත්කාරය වෙත පරිත්‍යාග කෙරුණා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මීවිටිගම්මන ශ්‍රී නාලිකේරාරාම ධර්මායතනයේ පූජ්‍ය මීවිටිගම්මන පඤ්ඤාසේන නායක ස්වාමින් වහන්සේ.

පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් සහන සලසන “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සඳහා තවදුරටත් ඔබට දායකත්වය ලබාදිය හැකියි.

ඒ අනුව කොල්ලුපිටිය සහ බම්බලපිටිය නෙත් එෆ් එම් ප්‍රධාන කාර්යාල, කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයට ඔබගේ පරිත්‍යාග ලබාදිය හැකි වනවා.

බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ ස්ථාපිත මධ්‍යස්ථානයට ද ඔබගේ පරිත්‍යාග “දිරිය නෙත්” සමාජ සත්කාරක වැඩසටහන සඳහා භාරදිය හැකියි.

මේ අතර උඳුවප් පුර පසළොස්වක පොහොය නිමිති කර ගිනිමින් හෙට දිනයේ නෙත් එෆ් එම් “ශ්වේත පූජා” වැඩසටහන ආපදා හේතුවෙන් බලපෑම් එල්ල වූ වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන පිළිබඳ තොරතුරු රැස් කෙරෙන විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වනවා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නෙත් රේඩියෝවේ ආගමික අංශයේ ප්‍රධානී වරුණ එදිරිසිංහ මහතා.