Published
ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
‘දිට්වා’ ලෙස නම් කර ඇති එම සුළි කුණාටුව පොතුවිල් ආශ්‍රිතව කේන්ද්‍රගත වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිවේදනය කළේ.
එම සුළි කුණාටුව උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය පැවසුවා.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය.




