ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා.
අවිද්‍යාවේ අන්ධකාරය පරදවා, ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිරත වීම දීපවාලි දිනයේදී හින්දු බැතිමතුන් සිදු කරන ප්‍රධාන කාර්යයි.
ඒ අනුව පහන් දල්වා විශ්ණු දෙවියන්ට වන්දනා කිරීම දීපවාලී උත්සවය යෙදී ඇති අද දිනයේදි සිදු කිරීම හින්දු සම්ප්රදායේ ප්‍රධාන චාරිත්‍රයක් වනවා.
මේ අතර දීපවාලි උත්සවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
මේ වන විට අප අභිමුවේ දැවැන්ත අභියෝගයක් මෙන්ම, මෙරට ඉදිරි ගමනට අකුල් හෙළන විසල් බාධකයක්ව පවතින මත් උවදුර සහ යටිබිම්ගත අපරාධ මැඬලීමට රජය මහත් වෑයමක නිරතව සිටින බවයි ජනධිපතිවරයා පෙන්වා දෙන්නේ.
සියලු දෙනාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරමින් එය යහපත් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඇති අයිතිය ලෙසින් ප්‍රවර්ධනය කිරීම මෙම ප්රයත්නයෙහි මුඛ්‍ය අරමුණ බවයි ජනාධිපත අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
පුරවැසියන්ගේ පමණක් නොව මෙරට වෙසෙන, මෙහි පැමිණෙන සියලු ජනයාගේ ශාරීරික, මානසික, භෞතික සහ චිත්තවේගීය සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා වන වගකීම වෙනුවෙන් සිය රජය ලෙස උර දී සිටින බවද ජනාධිපතිවරයා දීපවාලි උත්සවය වෙනුවෙන් නිකුත් කළ නිවේදනයේ සදහන්.
සියලු ආගම්වාදී, ජාතිවාදී බලවේග පරාජය කරමින් සමාජ සාධාරණත්වය ස්ථාපිත කිරීමටත්, සෑම කෙනෙකුටම සිය සිවිල්, දේශපාලනික සහ සංස්කෘතික අයිතීන් ඇතුළු සියලු අයිතිවාසිකම් බාධාවකින් තොරව භුක්ති විඳිය හැකි, සියලු දෙනාගේ නිදහස සහ ගෞරවය සුරකින සුරක්ෂිත රටක් ගොඩනැගීමටත් කැප වී ක්‍රියා කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර දීපවාලි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ද ශුභාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
අග්‍රමාත්‍යවරිය පෙන්වා දෙන්නේ ජනතාවගේ ප්රගමනය සහ නව යුගයක ඇරඹුම ඒකාබද්ධ ප්රයත්නයක් තුළින් අරඹා ඇති බවයි.
අද වන විට ශ්‍රී ලංකාව සුවිශේෂි හැරවුම් ලක්ෂයක් පසු කරමින් සිටින අතර, දීර්ඝකාලීන ආර්ථික සහ සමාජීය වශයෙන් ඇති ව තිබූ අන්ධකාරයෙන් හා පසුගාමීත්වයෙන් ගැලවීම අරඹයා, ජනතාව විසින් නව බලාපොරොත්තු හා විශ්වාසයන් අත දරා සිටින අවදියක් ලෙස මෙම කාල පරාසය හැඳින්විය හැකි බවද අග්‍රාමාත්‍යවරිය පවසනවා.
මෙවර දීපවාලි දිනයේ දැල්වෙන පහන් ආලෝකය, ආර්ථික පුනරුදයට සහ සමාජ සංහිඳියාවට මූල බීජ වැපිරීමට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවායි ප්‍රාර්ථනය කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය නිකුත් කළ සිය දීපවාලි සුබපැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
මේ අතර, දීපවාලි දින සුබපැතුම් එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ යහපත් සමාජයක පැවැත්ම සඳහා අසත්‍යයෙන් සත්‍යයට, අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන එන ආලෝකයක් වන වැඩපිළිවෙළ සඳහා කැපවිය යුතු බවයි.


