Published
                
                 
                
            රාගම, වල්පොල දුම්රිය ස්ථානයට යාබඳ දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කළ ත්රීරෝද දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරෙන් ත්රිරෝද රථයේ රියදුරා එම ස්ථානයේ දීම මියගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එහිදී බරපතල තුවාල ලැබූ ත්රිරෝද රථයේ පිටුපස ගමන්ගත් කාන්තාවන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දුම්රිය සංඥා මෙන්ම සීනුව නාදවෙමින් තිබියදී ත්රීරෝදරථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.




