අද දිනයේ උදෑසන කාලයේ දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව කොළඹ කොටුවේ සිට මීරිගම දක්වා උදෑසන 06ට එක් දුම්රියක් ගමන් ආරම්භ කළ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මීරිගම සිට කොළඹ කොටුව දක්වා උදෑසන 06:30ට දුම්රියක් ධාවනය කිරීමට නියමිතයි.

එමෙන්ම උදෑසන 07යි 30ට තවත් දුම්රියක් මීරිගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 04ක් ධාවනය කිරීමට නියමිතයි.

ඒ අනුව ගාල්ල සිට උදෑසන 06ට මරදාන දක්වා එක් දුම්රියක් ධාවනය කිරීමට නියමිතව තිබුණා. අලුත්ගම සිට මරදාන දක්වා අලුයම 05: 30ට, උදෑසන 06ට සහ උදෑසන 06:30ට දුම්රිය 03ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තු පැවසුවේ.

පුත්තලම මාර්ගයේ දුම්රිය දෙකක්ද ධාවනය කිරීමට සැලසුම් කර තිබුණා.

හලාවත සිට කොළඹ කොටුව දක්වා උදෑසන 06ට එක් දුම්රියක්ද මීගමුව සිට කොළඹ කොටුව දක්වා උදෑසන 07:30ට තවත් දුම්රියක් ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ අතර, කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා අලුයම 05:55ට එක් දුම්රියක් ධාවනය කිරීමටද සැලසුම් කර තිබුණා.

කෙසේවෙතත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ එම දුම්රියන් ධාවනය වන වේලාවන් වෙනස්විය හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.