දූෂිත දේශපාලඥයින්ට සහ දූෂිත රජයේ නිලධාරීන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.

මේ වන විට බන්ධනාගාරගත කර සිටින සහ විමර්ශන සිදු කරනු ලබන හිටපු දේශපාලඥයින් සහ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.