දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 768 වන ඇසළ මහා පෙරහැර මංගල්‍ය හෙට ආරම්භ වනවා.

පළමු පේළි පෙරහැර හෙට පස්වරුවේ ආරම්භ වීමට නියමිත බවයි දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මධුශංක මහතා පැවසුවේ.

දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 768 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සියලු පෙරහැර සවස 06ට පමණ ආරම්භ කිරීමට නියමිතයි.