Published
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කල්ලි දෙකක් වන බඩෝවිට අසංකගේ පාර්ශවය සහ කොස්මල්ලි නැමැත්තාගේ පාර්ශවය අතර ගැටුමක් හේතුවෙන් සිදු වූවක් බවට පොලීසිය සැක පළ කරනවා.
වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ බඩෝවිට අසංක නැමැත්තාගේ ඥාතිවරියගේ පුත්‍රයෙකු බවයි පොලීසිය පවසන්නේ.
වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද පොලීසිය පැවසුවා.
මෙම දෙපාර්ශවය අතර පවතින ගැටුම් හේතුවෙන් දෙහිවල හා ගල්කිස්ස ප්‍රදේශවලදී පසුගිය කාල සීමාවේදී මෙවැනි වෙඩි තැබීම් කිහිපයක් සිදුව ඇති බවද පොලීසිය පවසනවා.
ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකුට එලව එලවා වෙඩි තැබීම සහ ගල්කිස්ස ප්‍රදේශයේ පොලිතීන් වෙළඳසැලක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීම එලෙස සිදු වූ සිද්ධීන් දෙකක්.