Published
පසුගිය කාලයට සාපේක්ෂව දේශපාලකයින්ට එල්ල වන අල්ලස් දූෂණ සහ මත්ද්‍රව්‍ය චෝදනා වැඩි වී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරන අපේක්ෂකයින්ට නාම යෝජනා ලබා දීමට පෙර මේ පිළිබඳ සොයා බලන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.
මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂකයෙකුගේ ආර්ථික ශක්තිය ගැන පමණක් නොසලකා ඔවුන්ට මහජන නියෝජිතයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් තිබේදැයි සොයා බලා, ඔවුන්ට නාමයෝජනා ලබා දීම දේශපාලන පක්ෂවල වගකීම බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේ.




