ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් හමුවී තිබෙනවා.

ඒ, නවදිල්ලියේදීයි.

එම හමුවේදී දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සහ අධ්‍යාපනය සහ ධාරිතා වර්ධනය සඳහා අපගේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය නවදිල්ලියේදී හමුවීමට ලැබීම සතුටට කරුණක් බවද ඔහු සිය X ගිණුමේ සඳහන් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඔක්තෝබර් 18 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතයි.

එම කාලය තුළ ඇය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට ද නියමිතව තිබෙනවා.